Friday, 11 April 2014

ඔබගේ ටැබ් එකෙන් පිටවෙන සද්දේ මදිද?

ටැබ්ලට් පරිඝනකයේ (tablet pc) ශබ්දය උපරිමය දක්වා වැඩි කලත් එහි මතුපිට ඇති ස්පීකරයෙන් නිකුත් වෙන ශබ්දයේ ඇති අඩුපාඩුව අපට බොහෝ විට දැනෙන්නේ අප ප්‍රිය කරන ගීතයක් හෝ චිත්‍රපටයක් ටැබ්ලට් පරිඝණකයකින් නැරඹීමේදීය.

එම අඩු පාඩුව නැති කිරීම සඳහා ටැබ්ලට් පරිඝණක නිපදවන සමාගම් විසින් ටැබ්ලට් පරිඝණකයේ ස්පීකරයෙන් නිකුත් වන ශබ්දය වැඩි කර නිෂ්පාදනය කලද පාරිභෝගිකයන්ට එය සාර්ථක විසඳුමක් නොවුනි.
මෙම අඩුපාඩුව මගහැරීම සඳහා චීනයෙන් අපූරු විසඳුමක් සොයාගෙන තිබෙනවා. 'Ears' ලෙස නම් කර ඇති මෙම කුඩා උපකරණ දෙක ටැබ්ලට් පරිඝණකයේ ස්පීකර් දෙක ඇති ස්ථානයට සවිකිරීමෙන් පවතින ශබ්දයට වඩා ඩෙසිබල් 10ක (10db) පමණ ශබ්දයේ වැඩි වීමක් ශ්‍රවනය කළ හැකි වෙනවා.
එසේම මෙම උපකරණය සඳහා විදුලි සැපයුමක් අවශ්‍ය නොවන අතර  ටැබ්ලට් පරිඝණකයට සවි කළ පසු ස්පීකරයෙන් නිකුත්වන ස්වභාවික ශබ්දයම කුඩා 'Ears' වල ඇති සිදුරු දෙකෙන් ආපසු හරවා ඔබ දෙසට එවීම මගින් ශබ්දයේ වැඩි කිරීමක් සිදු කරයි.
සිලිකොන් රබර් (silicone rubber) වලින් නිපදවන ලද 'Ears' සවිකළ ටැබ් එක කුමන අතට හැරවුවද එය ගැලවී වැටෙන්නේ නැති අතර ඔබ යන තැනකට සාක්කුවේ දමාගෙන යාමටද හැකිය. එසේම 'Ears'  බිම වැටුනාට කැඩෙන්නේ නැත. ඒ මත පොත් මිටියක් ගොඩ ගැසුවද එහි හැඩය වෙනස් වෙන්නේද නැත. ව්විධ ප්‍රමාණයන්ගෙන් හා විවිධ වර්ණයන් වලින් නිපදවා ඇති කුඩා 'Ears' දෙකක් ඔබ ලඟ ඇති විට ටැබ් එකෙන් නිකුත්වන ශබ්දය ගැන මැසිවිලි නැගීමට මින් පසු අවශ්‍ය වන්නේ නැත.
සමීප රූපයක්
                               
'Ears' මගින් ශබ්දය ඔබ වෙත එවන ආකාරය වමේ,  'Ears' නොමැති දකුණේ
                                          
ඇසුරුම් කර ඇති ආකාරය
                                          


'Ears' සමඟ ඩෙසිබල් රීඩරය  

  'Ears' නොමැතිව ඩෙසිබල් රීඩරය

විවිධ වර්ණයන්ගෙන්  



විවිධ ප්‍රමාණයන්ගෙන්



No comments:

Post a Comment