Thursday, 6 March 2014

එක තැන රඳවා අංශක 360ක් නැරඹිය හැකි කැමරාව

වෙනස් ලෝකය බ්ලොග් අඩවියෙන් අපි ඔබට මුලින්ම ඉදිරිපත් කල පුවත මතක ඇතිනේ. සාමාන්‍ය කැමරාවකින් ලබා ගත නොහැකි අන්දමේ විශේෂිත වූ ඡායාරූප බෝලයක් ලෙස සාදන ලද කැමරාවකින් ලබා ගන්න පුලුවන් වීම නිසයි එම කැමරාව වැදගත් වූනේ.
එම ආකාරයෙන්ම එයට වඩා ටිකක් වෙනස් කැමරාවක් ඇමරිකානු සමාගමක් විසින් නිර්මාණය කර තිබෙනවා.


360Fly ලෙස නම් කරන ලද මෙම කැමරාව ආරක්ෂක හිස් වැස්මකට (helmet), බයිසිකලයකට හෝ ට්‍රයිපොඩ් (tripod)  වැනි රඳවා තැබිය හැකි ඕනෑම තැනක රඳවා අංශක 360 ක දර්ශනයක් නැරඹීමට, ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝගත කිරීමට හැකි වීම  විශේෂත්වයකි.
එසේම මෙහි ios හා ඇන්ඩ්‍රොයිඩ් (android) මෙහෙයුම් පද්ධතීන්ගෙන්ද සමන්විත වීම භාවිතා කරන්නන්ට පහසුවක් වේ.


360Fly ව්බ් අඩවියට මෙතනින් පිවිසෙන්න

No comments:

Post a Comment