අපි මේ කියන්න යන්නේ වේයාගේ මෙම විශේෂිත හැකියාවන් ගැන පුළුල් අධ්‍යයනයක යෙදුන ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ පරිඝණක විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් පිරිසකගේ බුද්ධි සංකලනයෙන් නිර්මාණය කරන ලද රොබෝ වේයන් ගැනයි.
මෙම රොබෝ වේයන්ද ඇත්ත වේයන්ගේ හසිරීමට සමාන අයුරින් හැසිරෙමින් විවිධ නිර්මාණයන් කිරීමට සමත් වෙයි. මෙහි නිර්මාණකරුවන් පවසන්නේ මෙම රොබෝවන් යොදාගනිමින් කුලුණු, බලකොටු, පිර්මීඩ, පඩිපේලි වැනි ඉදිකිරීම් කටයුතු සිදුකල හැකි බවයි.
එසේම අනාගතයේදී මෙවැනි රොබෝවන් යොදාගනිමින් ගංවතුර අවස්ථා වලදී වැලි කොට්ට ඇතිරීම, අඟහරු ග්‍රහයා මතුපිට සරල ඉදිකිරීම් කටයුතු සිදු කිරීම වැනි සුවිශේෂ කාර්යන් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මෙහි පර්යේෂකයින් වැඩිදුරටත් පවසයි.
මෙහි යූටියුබ් වීඩියෝව පහත ලින්ක් එකෙන්


No comments:
Post a Comment